
(මහින්ද නිශ්ශංක)
පුත්තලම කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් දුම්රිය පැය දෙකකට වඩා ප්‍රමාද බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට කොළඹ බලා යාමට නියමිත දුම්රිය හතරක් පමණ හලාවත දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එම දුම්රිය ප්‍රමාද වී කොටස් බලා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තුව කියයි.
කඩා වැටුණු ගස කපා ඉවත් කර ඇතැත් ගස කඩා වැටීමෙන් හානි වූ දුරකථන කනු හා රැහැන් ඉවත් කිරීමේ ප්‍රමාදයෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

