ගවයින් අතර අලුත්ම වයිරසයක්


(නිමල කොඩිතුවක්කු)

මේ දිනවල  රට පුරා ගවයින්ට වැළදෙන වයිරසයක් පිළිබදව සොයා බැලීම සදහා ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් අද(08) සත් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.සේනානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි,  අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ සත්ව වසංගත රෝග පිළිබද වෛද්‍ය ප්‍රදීප් කුමාරසහ  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු  පළාත් අධ්‍යක්ෂකවරු ඇතුලත්ය.

මෙම රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම   සදහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළදීම නතර කිරීම සදහා  පළාත්මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කල යුතු ආකාරය පිලිබදව වූ නිර්දේශ හා එම නිර්දේශ ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබද උපදෙස් ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත තමා වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙම කමි‍ටුවට දැනුම් දී ඇත.