සිංහල රාවය ජාතික සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගව ඝාතනයට එරෙහි උපවාසයක් අද (17) ඇරැඹීය.
භික්ෂූන් වහන්සේ අට නමක් පමණ ආරම්භයේ දී ඊට එක්වූහ.
ගව ඝාතනයට එරෙහි දැන්වීම් ඇලවූ කුඩා ලොරියක් පාරේ එක් මංතීරුවක් හරස් කර නවතා තැබීම නිසා වාහන ගමනාගමනයට ද බාධා ඇති විය.

