ගවයා බේරාගන්න ගවමස් රටින් ගෙන්වයි


මෙරට ගව ඝාතනය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ගව මස් ඉල්ලුමට සරිලන ආකාරයට විදෙස් රටවලින් ගවමස් ආනයනය කරන්නැයි තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කළුතර දොඩන්ගොඩ උත්සවයකදී පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇති බවත් ලෝකයේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනට වඩා ත්‍රිපිටකය, භවත්ගීතාව, කුරාණය හා බයිබලය වැනි පූජනීය ග්‍රන්ථයන්හි දර්ශනයන්ගෙන් ලෝකයේ සියලු ජනතාව වඩාත් හොඳින් එකමුතු කළ හැකි බවද ජනපති කීවේය.

my3_201611880 my3_201611880- my3_201611880-2 my3_201611880-3