ගව නඩුවේ විරෝධතා ඉල්ලයි


ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකාර පාර්ශවයට විරෝධතා ලබන මැයි 3 වැනි දා ගොනු කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද  (18)  නියෝග කළේය.

කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ටී.ඞී.ගුණසේකර මහතා හමුවේ ස්වර්ණා බෝපිටිය මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

හිංසාකාරී අන්දමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ගවයින් ඝාතනය කිරීම සිදු කරන බවත්, පැමිණිලිකාරිය එවැනි ගව ඝාතනාගාර  පෞද්ගලිකවම නිරීක්ෂණය කරන බවත් ඇය කියා සිටින්නීය.