බැඳුම්කරයක් මත මුදාහල ගවයින් අට දෙනකු වෙනුවෙන් අධිකරණයට ගෙවීමට සිදුව ඇති රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දඩ මුදල සොයා ගැනීම සඳහා සත්ත්ව සුබ සාධන භාරයේ මාතර දිස්ත්‍රික් නියෝජිත හා මැද්දවත්ත නාගබෝධියේ මහ විහාරාධිපති අංගුන්න බදුල්ලේ ඥානදස්සි හිමියෝ මහජන මුදල් සම්මාදම් කිරීමේ ව්‍යාපාරයක් ඉකුත් සිකුරාදා (26) මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අභියසින් ඇරඹුහ.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා උන්වහන්සේට රුපියල් පනස්දහසක් පිරිනැමීමට පොරොන්දු විය.
ඥානදස්සි හිමියෝ මෙසේ කීහ.
‘‘නිති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව තිහගොඩ පොලිසිය අත් අඩංගුවට ගත්තා. එම ගවයින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී 2012 වසරේ අප්‍රේල් මස 02 වැනි දින සත්ත්ව සුබ සාධන බාරයට මා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක බැඳුම්කරයක් මත එම ගවයන් ලබාදුන්නා. නැවත වසර දෙකකට පසු ඒ ගවයින් ඉකුත් 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණා. එම ගවයින් බිබිල ප්‍රදේශයේ පවුල් කිහිපයක් ගොවිතැනට යොදාගෙන සිටින බවට මාගේ නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ගවයින් අධිකරණයට ඉදිරිපත් නොකළ නිසා බැඳුම්කරය රාජ සන්තක කර එය දඩයක් ලෙස අය කරගන්නා බවත් දඩය නොගෙවන්නේ නම් මාස 6 ක ලිහිල් සිර දඬුවමක් මා වෙත ලබා දීමට අධිකරණය නියම කළා. එසේ නොවුනහොත් සිර දඬුවම් ලැබෙනවා. ගවයින්ට අභය දානය ලබාගැනීම පිණිස මුදල් එකතු කිරීමට සිදුවුණා.”
පළමු දිනයේ තවත් රුපියල් තිස්දහසක පමණ මුදලක් එකතුවී තිබුණි.




