ගව ඝාතනයට එරෙහිව බේරුවලත් උද්ඝෝෂණ


සිංහල රාවයේ පිරිසක් මහා සංඝරත්නය ද පෙරටු කරගෙන මහ වැසි මැද මත්තල සිට බේරුවල බෝධිය අසලට අද පාගමනින් ගියහ.

ගව ඝාතනයට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි.

ගව ඝාතනයට එරෙහිව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් දිවි තොරකරගත් සිද්ධිය සිහිපත් කළ සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි මේ ප්‍රශ්නයට විසඳුමක් නොලදහොත් ඉන්ද්‍රරතන හිමියන් ගිය මග යෑමට තමන් ද සූදානම් බව කීවේය.