ගල්ෆ් කලාපයේ දුප්පත්කම අඩුම සෞදියේ


ලෝකයේ දුප්පත්කම අඩු රටවල් දහය අතුරින්  දහවැනි ස්ථානය සෞදි අරාබියට හිමිව ඇතැයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි.

ලෝක බැංකුව සිදු කළ සමීක්ෂණයකදී  මෙම කරුණු හෙළී වී ඇතැයි  ඇරැබි නිවුස් වෙබ් අඩවිය සදහන් කරයි.

ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරිම් අනුව ලෝකයේ අඩුම දුප්පත්කමින් පෙළෙන  රට ලෙස ශ්‍රේණී ගත කර ඇත්තේ තායිවානයයි.

තායිවානේ දුගී බවේ ප්‍රතිශතය  5% කි.දෙවන ස්ථානය හිමිව ඇත්තේ මලයාසියාවයි.එහි දරිද්‍රතාව 3.8% අතර තුන්වැනි ස්ථානය 5.5% අයර්ලන්තය,ඔස්ට්‍රේලියාව 6.2% ලෙසද තායිලන්තය හා ප්‍රංශය 7.8% ලෙසද ස්විට්සර්ලන්තය7.9% ලෙසද කැනඩාව 9.4%,නෙදර්ලන්තය10.5%ලෙසද ලෝක බැංකුවේ වාර්තා අනුව 12.2 % ලෙස දරිද්‍රතාව ඇති රට ලෙස සෞදි අරාබිය නම් කැර ඇත.

සෞදි  අරාබිය ගල්ෆ් කලාපයේ  දරිද්‍රතාව අඩුම රට වශයෙන් ඉදිරියෙන් සිටින බවද වාර්තා වේ.

සෞදි අරාබිය විසින් වාර්ෂිකව අධ්‍යාපනය ,සෞඛ්‍ය ,යටිතල පහසුකම්  සදහා සෞදි රියාල් බිලියන ගණන්  වියදම් කරමින්  දුගී බව අවම කිරීමට කටයුතු කරන බවද  සදහන් කරයි.

සෞදි අරාබිය විසින් දුප්පතුන්,වයස්ගත පුද්ගලයින් ,ආබාධිතයින්  ,අනික් දරුවන් හා  රැකියාවන්වලදී අනතුරට ලක් වු වන් සදහා විශේෂ දීමනාද ගෙවයි.

 සෞදි රජයේ ප්‍රධාන අරමුණ වන්නේ  දිළිදු කම තුරන් කිරීම බව පවසන එම වෙබ් අඩවිය ආර්ථීක නිශ්පාදන වැඩි කිරීම  විද්‍යෘව හා තාක්ෂණය උසස් මට්ටමකට ගෙන ඒම තුලින් ඉදිරියට යාම සදහා උනන්දු කිරීම බවද පවසයි.

සෞදි අරාබිය ලෝකයේ  විශාලතම තෙල් අපනයනකරුවාද  වන අතර සියයට හතරක ප්‍රතිශතයක්  වාර්ශිකව රටවල් 110 කට පමණ විවිධ මානුෂිය ආධාර ලබා දෙන බවද පවසයි.