(නිමන්ති රණසිංහ)
ඇප කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට අද (05) සිතාසි නිකුත් කළේය.
ඇප කොන්දේසියට අනුව තම කොට්ඨාසයේ පෙනී නොසිටි මෙම සැකකරුට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ සිරිධම්ම හිමියන්ට මාස දෙකකට වරක් තම කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් ඇප කොස්දේසියක් නියම කර තිබියදී මෙම සැකකරු ඉකුත් 20 වැනිදා නොපැමිණී බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

