මීහරකුන් මරා එළ හරක් මස් ලෙසත්, මී හරක් පැටවුන් මරා එළු මස් ලෙසත් විකුණූ අනවර මස් කඩයක් ගල්ගමුවේ කනහන් කොටුවේදී අද අඹන්පොළ පොලීසිය විසින් වැටැලිණි.
මී ගවයන් අට දෙනකු එහි මරා තුබූ බව පොලීසිය කියයි.
හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙස ලංකාදීප වාර්තාකරුට අල්ලස් දීමට සැකකරුවෙක් ඉදිරිපත් විය.