රහස් පොලිසියේ බව කියමින් වසරකට පෙර ගල්ගමුව රන් අබරණ හල් හිමියකුගේ අත් පා බැඳ රුපියල් කෝටියකට අධික රන් පවුම් අසූවක් කොල්ලකා පලාගිය පස් දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු කෝට්ටේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
රන් පවුම් පහලොවක්ද සොයා ගෙන ඇත. උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනී සිටිමින් රන් ආබරණ හිමියා කැලෑවකට ගෙන ගොස් රන් පවුම් පැහැර තණමල්විල තානායමකදී ඒවා බෙදා ගෙන ඇතැයි පොලිසිය කියයි