ගල්ගමුව ජාතික පාසලේ ගුරුවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු විදුහලේ පරිපාලනයට එරෙහිව සිසුන් පාරට බස්වා අද (18) උදේ උද්ඝෝෂණයක් ඇති කළ බවත් පැය දෙක හමාරකට පමණ පසුව සිසුන් යළි පාසලට පැමිණි බවත් පාසල් ආරංචි කියයි.
සිසුවියන් තිදෙනකුගේ හිරිඔතප් බිඳෙන ආකාරයේ ක්‍රියාවක් කළැයි කියන පුද්ගලයකුට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මේ සිද්ධියට හේතුවිය.




