රුපියල් කෝටියක කප්පම් ඉල්ලා දනිඳු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීනට හිරිහැර කිරීම හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥවරු 50 කට වැඩි පිරිසක් අද ගල්ගමුවට පැමිණ සිටියහ. එම සිද්ධියේ සැකකරුවනට ඇප ඉල්ලීම සඳහා පෙනී සිටි නීතිඥවරුන් සිව් දෙනකුගේ වාහනවලට මීට පෙර දිනකදී පහරදී අලාබ හානි සිදුකිරීම හෙළා දකින බවද නීතිඥවරු පැවසූහ. පැහැර ගැනීමට ලක්වූ දරුවාගේ පියාද නීතිඥවරුන්ට හිරිහැර කළැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.
නීතිඥවරුනට අවහිර කරමින් ඔවුන්ගේ වාහනවලට පහරදුන් බව කියන සැකකරුවෝ ගල්ගමු මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් අතර දනිඳුගේ පියාද වේ.










