ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි


(මහින්ද නිශ්ශංක)


රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ  ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ  දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද(26) පියවර ගත්තේය.


විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ඊයේ (25) සිට ධාවනයට එක්කළ මෙම සුඛෝපභෝගී දුම්රියේ ගමන් ගැනීමට කිසිදු මගියෙකු නොසිටි අතර අද(26) දින ද එසේ වීම දුම්රිය අවලංගු කිරීමට හේතු වී තිබේ.


දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දුම්රිය ධාවනය අවලංගු කර ඇත.