ප්‍රේමතිලක පෙරමුණ
වලල්ලාවිට ගල්කඩුව පාලම අසල ජලයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝට්ටු මගින් ගොස් මෙම මළ සිරුර ගොඩට ගෙන එන ලදී.
මෙම සිරුර වලල්ලාවිට ගල්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර ඊයේ (6) පැවති ගංවතුරට හසු වීමෙන් අතුරුදන් වූ සිව් දෙනෙකු අතරින් තවත් එක් කාන්තාවක් මෙතෙක් සොයා ගෙන නැතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.
ගං වතුර නිසා වලල්ලාවිට ප්‍රාදේශීය බල ලේකම් ප්‍රදේශය තුළ ජීවිත හානි හා දේපළ හානි සිදුව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මීගහතැන්න පොලිසිය නාවික හමුදාව යුද හමුදාව හා වලල්ලාවිට ප්‍රාදේශිය සභා ප්‍රාදේශීය සභා සහන සේවකයන් විපතට පත් ජනතාවට සහන කටයුතු සලසමින් සිටියි.