කාන්තාවක ද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරීක්ෂණයක් ඉල්ලති.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම කටයුත්ත පුරා විද්‍යා නියමයන්ට පවා පටහැනි බව පුරා විද්‍යා නිලධරයෙක් කියයි.
ගල් විහාරයේ බුදු පිළිම අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සදහා විශේෂ පියස්සක් පවා ඉදි කර තිබියදී තද අව් රශ්මියක් පැවැති ඉකුත් සිකුරාදා (30) දිනයේ අව්වට රත්වූ බුදු පිළිම මෙසේ ජල බවුසර් යොදාගෙන සේදීමෙන් එම බුදු පිළිම පුපුරා යාමකට හෝ ඉරි තැලීමකට ලක්වීමට ඉඩ තිබෙන බව ද එම නිලධාරියා කියයි.