ගල් පහර කෑ සෙබළා තවමත් රෝහලේ


බස් වර්ජනය පැවැති සිකුරාදා කරෙයිනගර් සිට ලංගම බසයකින් මහනුවර බලා යමින් සිටියදී මැදවච්චිය ඉකිරියගොල්ලේදී ගල් ප්‍රහාරයකට ලක්වූ කන්කසන්තුරේ යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබළා තවමත් අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම් මහතා පවසයි.

ඔහු ගිය ලංගම බසයට එල්ලවූ ගල් ප්‍රහාරයක් සෙබළාගේ හිසේ වැදී අනතුරට ලක්වූ බව කියති.

මේ අතර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙක් මෙතෙක් හඳුනාගෙන නැතැයිද ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා කියයි.