කළු ගල් පිපිරැවීම සදහා ගෙන ආ ජෙලග්නයිට් කූරු 348 ක්ද ඩෙටනේටර් 321 ක්ද මසුන් මරන්නකුට විකිණිමට ගෙන ගිය යතුරුපැදි කරුවකු ආණමඩුව තෝණිගල හන්දියේදී නාවික හමුදාවේද සහාය ඇතිව සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් ලක්ෂ එකහමාරකට පමණ මුදලකට මෙම ජෙලග්නයිට් විකිණීමට සැළැසුම් කැර තිබිනැයි පොලීසිය කියයි.