ගල් කොරියක යන්ත්‍රයකට යට වී අයෙක් මරුට


 (සනත් ගමගේ)

අම්බලන්තොට කරඹගල්මුල්ල ගල් කොරියක සේවයේ නියුතු තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි අද  (31)  ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.

ගල්කොරියේ ගල් රැගෙන යන ලෝඩර් යන්ත්‍ර යේ ඉදිරිපස කුල්ලේ වාඩි වි ගිය සේවකයින් දෙදෙනෙක් එක්වරම ලෝඩ ර් යන්ත්‍රයේ  ඇති වු කාර් මික දෝෂයකින් යන්ත්‍රය ඉදිරිපිට වැටීමෙන් යන්ත්‍රයට හසු වී බරපතල තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයෙක් මිය ගොස් ඇති අතර තවත් අයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න පදිංචි අමරසිංහ ආරච්චිගේ සමිර (31) හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්දයෙන් ලෝඩර් යන්ත්‍රෙය් රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය පරීක්ෂන සිදු කරති.