තමා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් ගල් අඟුරු බෑම හා අනෙකුත් හැමදෙයක්ම සිදුකළේ නීතිපතිවරයාගේ උපදෙස් මත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
ඔහු ඇමති ලෙස සිටි කාලයේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 150 ක මූල්‍ය වංචාව ගැන චෝදනාවට පිළිතුරු ලෙස අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කීය.
තමාගේ නියෝගය වූයේ එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කොට වරායෙන් ගොඩබෑම සිදු නොකළ යුතු බවත් එය නීතිවිරෝධී ගනුදෙනුවක් බව දැන සිටි බවත් චම්පික රණවක මහතා කීය.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් කෝටි 150 කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් කළ විමිසීමකදී ඇය තමා අමාත්‍යධූරය දරණ කාලයේ මෙය සිදු නොවූ බව හා සී.අයි.ඩී යට ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීමට භාර දුන් බව පැවසීය.

