ගලහ රෝහලේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට


(ඩබ්ලිව් එ අසේල)
 
ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර  කර සිටී.
 
ගලහ රෝහලට ඇතුළත් කළ  අවුරුදු එකහමාරක් වයස දරුවෙක් මියයාම නිසා කුපිත වූ පිරිසක් පසුගිය අගෝස්තු 28  වැනි දින ගලහ රෝහලට පහර දී අලාභහානි සිදු කළ අතර අනතුරුව දිගින් දිගටම සිදු කරන පරීක්ෂණ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
 සිද්ධියෙන් පසු වසා දැමුණු රෝහල මේවන තුරු යළි විවෘත කර නොමැත.