ගලපිටමඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)

ගලපිට මඩ දුනුමාලේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් කැබ්රථයකින් ගමන් ගත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සරත් වේරගොඩ නැමැති අයෙකි.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නැත.