ගලකින් ගහලා රන්මාලය කොල්ල කාලා


(ඉන්දිකා රාමනායක)

මඩකලපුව පුනානි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ මුහුණට ගලකින් පහරදී ඔහු ගෙබැද සිටි රුපියල් ලක්ෂ 3 ට රන් මාලයක් කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මොහු  බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිටියදී සැකකරු ඔවුන් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ කර රන්මල් ඒ කොල්ල කා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගල් ප්‍රහාර වැදී තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධියේ සැකකරු පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.