(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්තතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදී ගලක් කඩා වැටීමෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඊයේ (27) සන්ධ්‍යාවේ දී සිරි පා වන්දනා කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ තංගල්ල හා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සිදුවන අවස්ථාවේ වර්ෂාව පැවති බවත්, විශාල ශබ්දයක් සමඟ ගල පහළට කඩා වැටුණු බවත් ඔවුහු පවසති.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව දික්ඔය රෝහල් ආරංචි මාර්ග පවසයි.