ගයි අනුස්මරණ කි‍්‍රකට් තරගය 17 දා


පිතිකරුවෙකු ලෙසත්, කඩුලූ රකින්නෙකු ලෙසත් 80 දශකය සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ, පසුගිය දිනක සිය දිවියෙන් සමුගත් ගයි ද අල්විස් මහතා අනුස්මරණය කිරීම සඳහා කි‍්‍රකට් තරගයක් මාර්තු මස 17 වැනිදා (ඉරිදා) සවස 2.00 සිට සිංහල කී‍්‍රඩා සමාජ (එස්. එස්. සී.) පිටියේදී පැවැත්වේ.

විස්සයි 20 කි‍්‍රකට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙහිදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක කුසලාන කණ්ඩායමට එරෙහිව සිදත් වෙත්මුනිගේ නායකත්වයෙන් යුතුව එස් එස්. සී.  පිලේ හිටපු කී‍්‍රඩකයන්ගේ කණ්ඩායම තරග වදී.

1996 කණ්ඩායම -
අර්ජුන රණතුංග (නායක), අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, මුත්තයියා මුරලිදරන්, රවින්ද්‍ර පුෂ්පකුමාර, චමින්ද වාස් සහ මාවන් අතපත්තු

එස්. එස්. සී. කණ්ඩායම -
සිදත් වෙත්තමුනි (නායක), අවිෂ්ක ගුණවර්ධන, නිසල් ප‍්‍රනාන්දු, සංජීව රණතුංග, පියල් විජේතුංග, රොජර් විජේසූරිය, විනෝදන් ජෝන්, අනූෂ සමරනායක, චමින්ද ප‍්‍රනාන්දු, කෙන් ද අල්විස්, ප‍්‍රියන්ත උදයරත්න සහ රෝචන ජයවර්ධන

**