ගයන්ත මාධ්‍යවේදීන් හමුවෙයි


ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සිදුකෙරෙන ආකාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිරීක්ෂණය කළේය.

දිවයිනේ නන් දෙසින් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි  මාධ්‍යවේදීන් හමු වූ ඇමැතිවරයා අදාළ කටයුතු පිළිබඳ කරුණු විමසා බැලූ අතර සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් ද කරුණු විමසා බැලීය.

තීරුබදු රහිත යතුරුපැදි ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් 3,000 කට අධික පිරිසක් ඉල්ලූම් කර ඇති බව ද එහිදී අනාවරණය විය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොල, මාධ්‍ය ලේකම් මධුශංක අබේගුණවර්ධන යන මහත්වරු ද එක්වූහ.

web_20151118078083429576876671_n web201511189801371_7649427608936524190_n