එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරණය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දින 3ක සංචාරයක් අරඹමින් ජපානය බලා පිටත්විය. එජාප ටෝකියෝ ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ ලේකම් චන්දන වික්‍රමසිංහ ඇතුළු නිලධාරිහු මෙන්ම ජපානයේ තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක යන මහත්වරු නරීටා ගුවන් තොටුපළේදී ඇමැතිවරයාව උණුසුම් ලෙස පිළිගත්හ.
ටොකායි ශාඛාවේ වාර්ෂික සමුළුව සහ සුහද හමුව නරීටා ජාත්‍යන්තර ගාර්ඩන් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.






