ගම්මිරිස් ඇටේ හොරෙක් අල්ලයි
ත්‍රිරෝද රියක ඩිකියේ වැටී තිබූ ගම්මිරිස් ඇට හා කරාබු නැටි කිහිපයකින් මහා හොරකමක් අල්ලා ගැනීමට කුරුවිට පොසියේ කොස්තාපල් වරයෙක් හා ආරක්ෂක සහායකයෙක් සමත්වූහ. රත්නපුර පලාවෙල කඩයකින් සොරාගත් ගම්මිරිස් හා කරාබුනැටි තොගය එක්නැලිගොඩ ගෙදරකින් සොයාගෙන ත්‍රිරෝද රියැදුරා ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. එම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වෙයි.

