ගම්මන්පිලගේ බිරියගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඕස්ට්‍රේලියානුවකු සමග එක් වී කළැයි කියන ගනුදෙනුව ගැන දිල්රුක්ෂි ගම්මන්පිල මහත්මියගෙන් කොළඹ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද පැය හතරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත්තේය.

ගම්මන්පිල හා ඕස්ට්‍රේලියා ජාතිකයා අතර අත්සන් කළැයි කියන ඇටර්නි බලපත්‍රයේ සාක්කිකාරියක ලෙස ඇගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

ඇගේ කට උත්තරයෙන් මතු වූ කරුණු ගැන පරීක්ෂණ කරන බව ද එම අංශය කියයි.