ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම  රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා ඊට ප්‍රථමයෙන් එහි මූලාශ්‍රවන හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය  දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බව කතානායකවරයා දැනුම්  දෙයි.

අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව නොමඟ යැවීමට ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය  බැහැර කරන  බවද  කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.