ගම්මන්පිල රතන හිමි අගයයි


වැරදුණු බව දැන නිවැරදි මාවතකට එන්නට අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
දුක්ඛ සත්‍යය දුටු උන් වහන්සේ ඒ බව එළියට පැමිණ කී බවත් එසේ කළ රතන හිමියන්ගේ අවංක බව හා නිහතමානිකම අගය කරන අතරම ඒ මඟ ගමන් කරන්නැයි අනෙක් අයගෙන් ද ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා කීය. 
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද(17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.