ගම්මන්පිල රට යන්න අවසර ඉල්ලයි


ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ලබන නව වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.

ඕස්ට්‍රේලියා ජාතිකයකුට රුපියල් කෝටි 11ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් අධිකරණයේ නියමයෙන් තහනම් කැරිණි.

නොවැම්බර 21 වැනි දා සිට නොවැම්බර 24 වැනි දා මුම්බායිහි විවාහ මංගලෝත්සවයක් ද, දෙසැම්බර නව වැනිදා සිට 20 වැනි දා දක්වා ජපානයේ සම්මන්ත්‍රණයක් ද පැවැත් වෙන බවත්, ඊට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් ගම්මන්පිල මහතා ඉල්ලීමක් කළේය.

නීතිපතිවරයා එම ඉල්ලීමට විරුද්ධ විය.