(ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු පිරිසක් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට තමා ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් ලබන 21 වැනි දා කුරුන්දි බලා යාමට තීරණය කළ බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කුරුන්දි විහාරය ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික පුරාවස්තු පිළිබඳව කෙරෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳව අදහස් දැක්වීමට සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.

