හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ රඳවාගැනීමට උත්සාහ දරා ඇතැයි සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීමට අද (20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම් දී ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.
අද දහවල් 2.30ට තමාට එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි ගම්මන්පිල මහතා පවසයි.





