ගම්පොළ හරහා අද උදේ වැසි සමග හමා ගිය සැඩ සුළඟකින් ගම්පොළ සහිරා ජාතික පාසලේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් සහ වහළ සුළඟට ගසාගෙන යෑමෙන් දැඩි අලාභයක් සිදු විය.
සුළඟ හමා ගස් වැටීමට පටන් ගැනීමත් සමග එහි සිටි සිසුන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට පියවර ගත් බව විදුහල්පති එන් එම් නිලාමුඩීන් මහතා පැවසීය.