ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනිගෙන රුපියල් ලක්ෂ 50කට පමණ හානි සිදු වී ඇතැයි ගම්පොළ පොලිසිය පැමිණිලි කැර ඇත.
යකඩ බඩු කඩයක් හා සිල්ලර කඩ ගිනි ගනිද්දී එම ගොඩනැගිල්ලේ සිටි පවුල් 12ක සාමාජිකයෝ ජීවිතය බේරා ගත්හ. ඇඳි වත පමණක් ඉතිරිව ඇති ඔවුන් දැන් විහාරස්ථානයක ලැගුම්ගෙන සිටිතියි වාර්තාවෙයි.
එක කඩයක සිටි බැලලිය ද ඇගේ පැටවුන් ද සමග ගින්නට අසුව පිළිස්සී මියගොස් ඇත.