

ගම්පොළ පන්විලතැන්න පාසලේ සිසුහු 20 දෙනෙක් ද ආසාදනයක ලක් වී පන්විලතැන්න රෝහලට ඇතුළුකරනු ලැබූහ. ඔවුන්ගේ රෝග ලක්ෂණද ජිනරාජ විදුහලේ සිසුන්ගේ රෝග ලක්ෂණවලට සමානය. එම විදුහලද අදත් සිකුරාදාත් වසා තැබෙයි. ජිනරාජ විදුහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට යුද හමුදාව ද කැඳවා ඇත. කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් ද අද එහි ගොස් පරීක්ෂණ ඇරැඹීය.

