ගම්පහෙන් හොර වෙදෙක් අල්ලයි


රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ලියාපදිංචි අංකය භාවිත කර හොර හැඳුණුම්පතක් සකසා වෛද්‍ය  මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන  පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

තමාගේ අංකය භාවිත කර ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන පුද්ගලයකු ගැන තොරතුරු ලැබුණු බව කියමින් එම වෛද්‍යවරිය ඉකුත් 10 වැනිදා ගම්පහ කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරීහු විමර්ශන ඇරැඹූහ.

සැකකරු අද (23) ගම්පහ අවන්හලකට එන බවට පොලිස් කොස්තාපල් 27028 උපාලි මහතාට ලද තොරතුරක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අවන්හලට යන පාරිභෝගිකයන් ලෙස ගොස් එහි තැන තැන සිට සැකකරු අත්අඩංගුවට ගත්හ.

කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සහ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල, පොලිස් කොස්තාපල් 27028 උපාලි සහ පොලිස් කොස්තාපල් 33782 කුලසේකර මහත්වරු ඉදිරි විමර්ශන සිදු කරති.