ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට


2012   අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ  පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින්  විශිෂ්ට  ප්‍රතිඵල පෙන්වීමට ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලය  සමත්විය.

වාණිජ අංශයේ  දිවයිනෙන් දෙවැනි ස්ථානයත්, එම අංශයෙන්ම ගමිපහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානයත් , ගණිත අංශයෙන්  දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානයත්,  ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයත්, කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයත් ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු හිමිකර ගත්හ.

මෙම විද්‍යාලයේ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ 13 එල් පන්තියේ තිසර පහන් මධුෂංක එම අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හා මුළු දිවයිනෙන් දෙවන ස්ථානය ලබා ගත්තේය.

එසේම වාණිජ අංශයෙන් ගමිපහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයත් මුළු දිවයිනෙන්  නව වන ස්ථානයත්  හිමිකරගැනීමට එම පාසැලේම  රසිඳු දිල්ෂාන් මධුෂංක සමත්විය.

විද්‍යාලයීය විද්‍යා හා ගණිත අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් අතර විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රුමේෂ් බුද්ධික දිල්ෂාන් සෝමරත්න       දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හා දිවයිනෙන් 14 වන ස්ථානය හිමිකරගත්තේය.

ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ චානක දිනේෂ් කුමාර ශිෂ්‍යයා ගමිපහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත් මුළු දිවයිනෙන් 34 වන ස්ථානයත් හිමිකරගෙන ඇත.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ නිවැරදි දැක්ම හා මෙහෙයවීම මත විද්‍යාලයීය සියළුම ගුරු භවතුන්ගේ පූර්ණ කැපවීම  හා මහන්සියේ ප්‍රථීඵලයක් ලෙස මෙම ජයග්‍රහණ හිමි කර ගත් බව සිසුහු පැවසූහ.

විදුහල්පති ලාල් දිසානායක මහතා පැවසුවේ  දරුවන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව තමන්ට විශාල  සතුටක්  සහ නිහතමාණී ආඩම්බරයක් දැනෙන බවයි. මේ දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයටම ආඩම්බරයක් බව ද දිසානායක මහතා පැවසීය.

තම විදුහලට කීර්තියක් අත්කර දීම පිළිබඳ මෙම ශිෂ්‍යන් හට ස්තුතිවන්ත වන බව කී විදුහල්පතිවරයා බණ්ඩාරනායක  විදුහල් නාමය ආරක්ෂා කරගෙන   ඉදිරියටම ගොස් රටට වැඩදායී යහපත් පුරවැසියකු වීමට සුබ පතන බව ද කීවේය.

විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවල සියලුම ගුරු මහත්ම මහත්මීන් මේ ජයග්‍රහණය සඳහා කැපවූහ.