ගම්පහ ලීසිං සමාගමේ කොල්ලය සිදු කළ පිරිස මීගමු වෙරළට ගොස් විනාඩි පහක් සිට එතැනින් මාරවිලට ගොස් ඇති අතර එහිදී කොල්ලකෑ භාණ්ඩ බෙදාගැනීමෙන් පසු පිරිස වෙන්වී ගොස් ඇතැයි පොලිසිය කියයි.
නෙළුවෙන් කුළියට ගත් වෑන්රිය දීම සඳහා නෙළුවට යද්දී නිදිමතක් අතිවී වෑන් රිය හිනිදුම නතර කර ඇති අතර අවේලාවේ නතර කර තිබූ වෑන් රිය දුටු හිනිදුම පොලිසියේ පිරිසක් එම ස්ථානයට විත් පරීක්ෂා කර ඇත. වාහනයේ සිටි අය ගැන ප්‍රශ්න කරන්නට පෙර පොලිසිය සමෘද්ධි නියාමකයා දුටුවේය. ‘ආ මේ සමෘද්ධි මහත්තයානේ‘ යනුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් පවසා ඇති අතර වාහනය ගැන සැක නොසිතා ඔවුනට යන්නට ඉඩ ලබා දී ඇත.
එම අවස්ථාවේ වාහනය පරීක්ෂා කලේ නම් හොරබඩුවලින් කොටසක් අල්ලා ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබිනැයි පොලිසිය කියයි.
මේ අතර සැකකාර සමෘද්ධි සංවර්වර්ධන නිලධාරී අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර සිය නිවසට දීමට යැයි කියමින් මිතුරකුට දුන් රුපියල් 28,000ක මුදල ද මේ කොල්ලයේදී සැකකරු විසින් සොරා ගත් මුදලෙන් කොටසක් විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු ඉටි කවර දෙකකට මුදල් හා රන්භාණ්ඩ දමා ගන්නා අතර අනෙක් කොල්ලකරුවනට නොපෙනෙන පරිදි ඔහු එක ඉටි කවරයකට අත දමා එයින් රන් හා මුදල් හොරෙන් සාක්කුවට දා ගන්නා අයුරු සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇත. සීසීටීවී කැමරාවේ සටහන් වී ඇති පරිදි සැකකරු පස්වරු එකයි තිස්හයි තත්පර තුනට ඉටි බෑගයට අත දමා යමක් ගෙන සිය සාක්කුවේ දමා ගනී.
සැකකරු ලබා දුන් රුපිල් 28,000 එලෙස සොරා ගන්නා මුදල් බවට පොලිසිය සැක කරයි.
බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ උදව් උපකාර ඇතිව මේ කොල්ලය සැලසුම් කර ඇති බව මේ වන විට හෙළි වී ඇත. හබරාදූවේ පදිංචිකරුවකු බව කියන ප්‍රධාන සැකකරු තමාට හදුන්වා දුන්නේ බන්ධනාගාරයේ සිටින පුද්ගලයා බව සමෘද්ධි නිලධාරයා කියා තිබේ. බන්ධනාගාරයේ සිටින පුද්ගලයා සමෘද්ධි නිලධාරී හදුනා ගත්තේ මීට පෙර කරාතේ පන්ති කරන අවදියේ බව කියති.
මේ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී - 07747 8 46 46
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 077 33 54 674