ගම්පහ සංවිධානය සිරිධම්ම හිමි ඉවත් කරයි


‘සියනෑ ජලය සුරකීමේ ජන නැගුම‘  සංවිධානයේ අනුශාසක ලෙස මෙතෙක්  කටයුතු කළ තෙරිපැහැ සිරි ධම්ම හිමියන්  අද සිට එම ධුරයෙන් ඉවත් කරන බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටි ආරච්චි මහතා අද (16) සණස ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

රතුපස්වල අත්වැසුම් නිෂ්පාදන කම්හල යළි විවෘත කිරීමට කැමැත්ත පළ කරමින් සිරි ධම්ම හිමියන් විසින්  ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.

එම ගිවිසුමට ජනතාව වෙනුවෙන්   සිරි ධම්ම හිමියන් සමග අත්සන තැබු සම්පත් සමරකෝන් මහතා ද පැමිණ සිටි අතර ඒ මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ තමාට සාක්ෂියකට අත්සන් කරන ලෙස ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පැවසු බවත් ඔහුද එහි  අත්සන් කරන බව කිවු බැවින් එහි අත්සන තැබු බවයි. සිරිධම්ම හිමියන් ජනතාව අකමැති නම් ගිවිසුම අවලංගු කරන වගකීම ගන්නා බව පවසා තමන්ට එය අත්සන් කිරීමට තමා  බවත්  ඔහු එහිදී පැවැසීය.

එදින අත්සන් කළ ගිවිසුමට විරෝධය පල කරමින්  විද්වත් කමිටුවේ  සාමාජිකයෝ කිහිපදෙනෙක් සහ ගැමියෝ කිහිප දෙනෙක්ද මෙහිදී  අදහස් පළ කළහ.

හෙට්ටි ආරච්චි මහතා -
‘ මේ ජල දුෂණය සම්බන්ධයෙන්  ප්‍රදේශයේ ජනතාව නියෝජනය කිරීමට පත් කළ   පරිසර කමිටුවේ  සහ විද්වත් මණ්ඩලයේ කිහිපදෙනෙක්   අද ජනතාව පාවාදෙමින් සිටිනවා. ඔවුන් කර්මාන්ත ශාලාවේ පැත්ත අරගෙන, සමහර දේශපාලඥයන්ගේ කීම මත ජනතාවට විරුද්ධව තින්දු අරගෙන ගිවිසුම් අත්සන් කරලා තියෙනවා.

අනිත් එක මම විද්වත් මණ්ඩලයේ ඉන්න නීතිඥ මහත්තුරුන්ට  ආරාධනා කරනවා විවෘත ප්‍රකාශයක් කරන්න මේ සිද්ධිය කොහොමද වුනේ? ඇයි 98 වගන්තිය යටතේ නඩු ගොනු නොකලේ කියා ජනතාවට පැහැදිලි කරන්න.

ඒ වගේම ජනතාව මේ කර්මාන්ත ශාලාව මෙතනින් ඉවත් කරන්න කියා කියද්දීම  විද්වත් මණ්ඩලයේ ඉන්න දෙදෙනෙක් තෙරිපැහැ සිරිදම්ම හිමියන් පොළඹවාගෙන ගිවිසුම් අත්සන් කළා.

ඔවුන් අදත් කියන්නේ  ජනතාව මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරන්න කැමත්ත දුන්නා කියලා.
නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කරනවා.   මේ වගේ යටි කුට්ටු කුමන්ත්‍රණකාරී වැඩ මෙතන සිද්ද වෙලා තියෙනවා. මේ හොර ගිවිසුම් ගැහුවා මේ ගිවිසුම් වලට බලපෑම් කළේ කව්ද කියන එක  දැන් අපි දන්නවා. මේ විද්වත් මණ්ඩලේ ඇතුලේ ඉදගෙන තමන්ගේ ලාබ ප්‍රයෝජන තකා ඒ ගිවිසුම් ගැහැව්වේ.

ඒ නිසා අපි ඉදිරියේදී මේ විද්වත් මන්ඩලයේ පාවාදීම ගැන නීතිමය ක්‍රියාමර්ග ගන්නවා.  ඒ වගේම සිරි ධම්ම හිමියන් සමස්ත ජනතාවගේ මානව අයිතීන්  දැවන්ත පාවාදීමක් කර තිඛෙනවා.

උන්වහන්සේ බස්නාහිර පළාත අතහැර මධ්‍යම පළාතට ගිහිල්ලා  කරන ක්‍රියාදාමය මොකක්ද කියලා සමස්ත ජනතාවම අද  දන්නවා. අද මිනිස්සු කියනවා ස්වාමීණ් වහන්සේ විවිද දෑ ගත් බව.  ඒක ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීන් වහන්සේ මුදල් නොගත්තා නම් සමස්ත ජනතාවත් එක්ක  එකතු වෙලා ගමේ පන්සලට වෙලා ඉන්න ඕනෑ.

මේ ක්‍රියාදාමයට අපි සම්පුර්ණ විරුද්ධයි. ඒ නිසා මේ සියළු දෙයට නීතිමය ක්‍රියා මාර්ගයන් ලබන සතිය ඇතුලත ගන්නවා.  ස්වාමීන් වහන්සේ අපේ අනුෂාසක ලෙස හිටියේ. ස්වාමීන් වහන්සේ නිතරම කතා කලේ මේ සංවිධානයේ නායකයා උනවහන්සේ ලෙසයි.
ඇත්තටම මෙතන එහෙම නායකත්වයක් නැහැ. මේ සංවිධානයේ නායකත්වය ජනතාව. ස්වාමීන් වහන්සේව අපි මේ සංවිධානයේ තැබුවේ අනුශාෂක ලෙස පමණයි.

පහුගිය කාල වකවේනුවේ තුන් වතාවක් මට අල්ලස් දෙන්න කතා කළා. ඒත් මට එයිට විරුද්දව නීතමය ක්‍රියා මාර්ගයක් ගන්න බැරිවුනේ  ඒ අල්ලස් දෙන්න කතා කර තිබුනේ මා දන්නා කියන අය හරහා නිසයි.

මේ විද්වත් මණ්ඩලයේ ඉන්න කිහිප දෙනෙක්  හොර රහසේ මාධය සාකච්ඡා තියෙනවා මේ ගිවිසුම නිවරදි එකක් බව ජනතාව අතරට රැගෙන ගොස් ජනතාවගේ ඔළු වෙනස් කරන්න.

මේ වෙනකම් කිසිම ආයතනයකින් මේ වාර්තා ලබා දී  නැහැ. පහුගිය ජුලි මාසේ 29 ගම්පහ කච්චේරියේ රැස්වීමක් තියලා කිව්වා සති දෙකෙන් මේ වාර්ථා දෙනවා කියලා. ඒත් දැන් මාස තුනකට කිට්ටු වෙලා තියෙනවා ඒත් කෝ මේ වාර්ථා?  ගමක මේ වගේ කර්මාන්ත ශාලාවක්  පිහිටුවන්න  අවසර දුන්න සියළුම ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්වා.

මේ ජලයේ තියෙන විෂ රසායනික ද්‍රව්‍ය මොනවද   ජාත්‍යන්තර පරීක්ෂණයක් මගින් කරුණු හෙළිකරනවා.  ලංකාවේ  ආයතන දෙන වාර්ථා අපිට විශ්වාස නැහැ.  ඒ නිසා මේක හෙළි කරන්න අපි ජාතන‍න්තර පරීක්ෂණයක් සිදු කරනවා.‘