ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පතිවරයාට එරෙහිව ශිෂ්‍යභට කණ්ඩායම් මෙහෙයවමින් සිදු කරන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික ශිෂ්‍ය භට බලකායෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
විදුහල්පතිවරයාට සුදුසු ආරක්ෂාවක් සපයා එම විදුහල්පතිවරයා යටතේම මෙම පාසල කඩිනමින් විවෘත කරන අමාත්‍යංශයට දැන්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.
පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩයට සම්බන්ධ පිරිසක් පාසල් පරිපාලනය සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූලතාවක් ඇති කර ඇති බව ද, පාසලේ සරඹ සංදර්ශනය සම්බන්ධයෙන් දරුවකුට පහරදීම හරහා පොලීසියට සිදු කළ පැමිණිල්ල හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පරීක්ෂා කිරීම මෙම ගැටළුව ආසන්න හේතුව බව ද ස්ටාලින් මහතා සඳහන් කෙළ්ය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සූරියකුමාර මහතාට ද පැමිණිලි කළ බවත්, අධ්‍යාපන ලේකම්වරයා යටතේ පාලනය වන ජාතික පාසලක් වන බණ්ඩාරනායක විදුහලේ මේ වන විට සිදු කර ඇති අලාභය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීත්‍යානුකූල කි්‍රයාමාර්ගයක් ගන්නා ලෙස ලේකම්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පති හිමි නමට හැර මෑතකදී පත්වූ බොහෝ විදුහල්පතිවරුන්ට මෙම ඉරණමම අත්වූ බව කී ස්ටාලින් මහතා එම තත්ත්වය නතර කර දැමිය යුතු බව ද අවධාරණය කළේය.

