ගම්පහ රෝහලේ දෙපාවා බලු වැඩක් කරලා


බලු පැටවුන් හතර දෙනකු රෝහල් මිනී කාමරයේ ශීතකරණයක ලාච්චුවක දමා මරා දමන්නට එහි සේවිකාවක ගත් උත්සාහයක්  අසාර්ථක වු බව  ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.

රෝහල් සේවිකාව මේ බලු පැටවුන් සිව් දෙනා මෝචරියට රැගෙන ගොස් එහි මළ සිරුරක් දැමූ ලාච්චුවක දමා ගොස් ඇත්තේ සතුන් සිව් දෙනා මරා දැමීමට යැයි ද, එහෙත් ඒ බව සැළවූ තවත් සේවකයකු විනාඩි කිහිපයකට පසු ලාච්චුව විවර කර බලු පැටවුන්  බේරා ගෙන ඇතැයි ද කීය.

ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා පැවසුවේ එවැනි සිදුවීමක් ගැන වාර්තා වූ බවයි. ඒ ගැන විමර්ශනයක් අරඹා ඇති බව ද, සිද්ධියට සම්බන්ධ නැති පුද්ගලයන් ඈඳා කට කතා පතුරුවන බව ද ඒ මහතා කීය.

උසස් සෞඛ්‍ය නිලධරයකු පැවසුවේ එලෙස සිදුවී  ඇත්නම් එය බලවත් වරදක් බවයි.