
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය මහ ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද (28) උදෑසන වන විට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 5 • 4 මට්ටමේ පැවති බවත් මෙය මීටර් 5 • 5 දක්වා ඉහළ ගියහොත් මහ ගංවතුර තත්ත්වයක් වන බවත් වාරිමාර්ග ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කරන ලද නිවේදනයට අනුව පවතින තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය නිම්නවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් ආරක්ෂිතව සිටීමට සැලකිලිමත් විය යුතු බව දැනුම්දී ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 122 පීඩාවට පත්ව ඇති බව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආපදා සහන මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
දිස්ත්‍රික්කයෙහි මිනුවන්ගොඩ, මීරිගම, මහර , අත්තනගල්ල, මීගමුව, ගම්පහ, දොම්පෙ සහ දිවුලපිටිය යන කොට්ඨාසයන්හි පවුල් 122 හි සාමාජිකයින් 429 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක නිවාස 29 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් එහි සදහන්ය.
දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි පීඩාවට ලක්වූවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආපදා සහන මධ්‍යස්ථානය පවසයි.
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කරස්නාගල



මිනුවන්ගොඩ (කීර්ති ප්‍රනාන්දු)




