චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් ලබා දී ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
එහි සඳහන් චෝදනාවලට සති දෙකක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යංශය දන්වා තිබේ.
පන්ති කව රැස්වීම් පවත්වා පාසලේ කටයුතුවලට බව කියමින් රුපියල් දෙදහස බැගින් එකතු කිරීම හා පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මාසික දීමනාවක් ලබා ගැනීම යන චෝදනා විදුහල්පතිට ඉදිරිපත් කර ඇත.
අමාත්‍යංශය මූලික විමර්ශනයකින් පසු එම චෝදනා පත්‍රය ඉදිරිපත් කළ බව ආරංචි මාර්ග කියයි.

