ගම්පහ බණ්ඩාරනායක - රාජගිරිය ජනාධිපති පළමු කොටසට එති


වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසට ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල උසස්වීම් ලැබූහ. ඒ අනුව මෙම විදුහල් දෙක 2013-14 පාසල් තරගවාරයේදී පළමු කොටසට ක‍්‍රීඩා කිරීමට නියමිතය.

මාතර රාහුල විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කදිරාන ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ දෙවැනි උසස් කිරීමේ තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද ප‍්‍රසාද ලකුණකින් බණ්ඩාරනායක විදුහල පෙරමුණට පැමිණියේය.

රාජගිරිය ජනාධිපති විදුහල සහ කේරී විදුහල අතර පැවැති පළමු උසස් කිරීමේ තරගයෙන් ජනාධිපති විදුහල පළමු ඉනිමේ ජය ලබා පළමු කොටසට උසස්වීම් ලැබීය.