හලාවත මුගුණුවටන ව්‍යාපාරිකයකුගෙන් බලෙන් පොරොන්දු පත්‍රයක් අත්සන් කරවා ගත් බව කියන ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධරයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කළින් ප්‍රකාශ කර තිබිණි.
පුත්තලම පොලීසියේ උසස් නිලධරයෝ අද විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බව ද දැනගන්නට ඇත.
මේ අතර මේ සිද්ධියට සම්බන්ධ බව කියන යක්කල ව්‍යාපාරික ජයමාල් සිරි තිසේරා හලාවත මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.