ගම්පහ පුරපතිට පෙර ඇපමයි


යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සැකපිට   තවත් දෙදෙනකු මැයි හය දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ ගම්පහ මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා සැකකාර නගරාධිපති එරංග සේනානායක පෙර ඇප මතම මුදා හරින ලෙස නියෝග කළේය.

දේශපාලනඥයන් සමාජයට ආදර්ශවත් අන්දමින් කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසුවේය.

නගරාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිරිසේන නානායක්කාර සහ හිරන්ත දිල්රුක් එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.