( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පවතින පෙදෙස් වල සිට පැමිණෙන නීතීඥවරුන් අලුතින් නඩු ගොනු කිරීමට , නඩු පරිශිලනය , මෝසම් ගොනු කිරීමට , සහතික කළ පිටපත් ලබා ගැනීමට හෝ වෙනත් කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.
එසේම අනෙකුත් විවිධ පාර්ශවද එම නඩු කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට නොපැමිණෙන්නැයිද හෙතෙම දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ විශේෂ නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යලය පියවර ගෙන ඇත.
මෙය නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය දක්වා වලංගු වන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය කියා සිටී.

