ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් 307 දෙනාම අපොස සාපෙළ සමත් වු බව විදුහල්පතිනි එච් ඒ එච් ජයවර්ධන මහත්මිය කියන්නීය.
එහි සිසුවියෝ 139 දෙනෙක් ඒ නවය ද 97 දෙනෙක් ඒ අට ද ලැබුහ. සමත්වීමේ ප්‍රතිශතය 100% කි.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උපොස සාපෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 433 දෙනාගෙන් 432 දෙනකු අපොස උපෙළ හැදැරීමට සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති ලාල් දිසානායක මහතා කියයි.
සමත් වීමේ ප්‍රතිශතය 99.8% එහි සිසුහු 78 දෙනෙක් ඒ නවයද 102 දෙනෙක් ඒ 8 ද ලබා සිටිති.
ගම්පහ යශෝදරාදේවී බාලිකා විදුහලේ සිසුවියන් 310 දෙනාගෙන් 305 දෙනෙක් උසස්පෙළට සුදුසුකම් ලැබුහ.
එය 97 % ක් බව විදුහල්පතිනි බී එම් එල් බස්නායක මහත්මිය කියන්නීය.සිසුවියෝ 67 ක් ඒ නවය 55 දෙනෙක් ඒ 8 ද ලදහ.

